2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

BBC පරදා අසාම් අමීන් සහ රංග ශ්‍රී ලාල් ලැබූ මිලියන ගණනක නීතිමය ජයග්‍රහණය

ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (BBC) සහ රොයිටර් පුවත් සේවයට (Reuters) එරෙහිව මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන අසාම් අමීන් සහ රංග ශ්‍රී ලාල් ලැබූ නීතිමය ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ කම්කරු නීතියේ බලය යළිත් තහවුරු කිරීමට සමත්ව තිබේ. බහුජාතික සමාගම් සහ ජාත්‍යන්තර ආයතන ලංකාව තුළ සේවකයන් බඳවා ගැනීමේදී මෙරට කම්කරු නීතියට යටත් විය යුතු බව මෙම තීන්දු මඟින් මනාව පැහැදිලි කෙරිණි.

BBC ආයතනයේ කොළඹ වාර්තාකරු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අසාම් අමීන්ගේ සේවය අවසන් කිරීමේදී එම ආයතනය අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුගේ EPF දායක මුදල් නිසි ලෙස ගෙවා නොමැති බවත් විමර්ශනවලදී තහවුරු විය. ඒ අනුව, හිඟ EPF මුදල් සහ අධිභාරය ලෙස රුපියල් 6,913,233 ක මුදලක් ගෙවීමට BBC ආයතනයට සිදුවූ අතර, අසාධාරණ ලෙස සේවය අවසන් කිරීම වෙනුවෙන් තවත් රුපියල් මිලියන 4.5 ක වන්දියක් ගෙවීමට ද කම්කරු විනිශ්චය සභාව නියෝග කළේය.

රොයිටර් පුවත් සේවයේ සේවය කළ රංග ශ්‍රී ලාල් මහතාට හිමිවිය යුතු රුපියල් මිලියන 6.2 ක හිඟ EPF, පාරිතෝෂික සහ අධිභාර මුදල් ගෙවීම පැහැර හැරීමට එම ආයතනය ගත් උත්සාහය ද අභියාචනාධිකරණය හමුවේ පරාජයට පත් විය. රොයිටර් ආයතනය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙන්වා දුන්නේ යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමට එම ආයතනය දරා ඇති උත්සාහය කිසිසේත් පිළිගත නොහැකි බවයි.

මෙම නඩු තීන්දු මෙරට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේලා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර මට්ටමේ ඕනෑම බලගතු ආයතනයක් වුවද මෙරට සේවකයන්ගේ ව්‍යවස්ථාපිත අයිතීන් පැහැර හැරීමට දරන උත්සාහයන් නීතිය හමුවේ පරාජය කළ හැකි බව මෙමඟින් තහවුරු වී ඇත. විශේෂයෙන්ම සේවක වැටුපෙන් EPF කපාගෙන එය රජයට ප්‍රේෂණය නොකිරීම බරපතළ වරදක් බවත් ඒ සඳහා ඉහළ අධිභාර ගෙවීමට සිදුවන බවත් මෙම ජයග්‍රහණ මඟින් ආදර්ශයක් සපයා තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories