2026 ජූලි 31 සිකුරාදා, 08:05
නවතම පුවත්

කාදිනල් හිමි යළි මතක් කළ ජනපති දුන් පොරොන්දුව

පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවැත් වෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

එම පරාජිත දේශපාලන බලවේගවලට යටවූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වන බව ද කාදිනල් හිමි මෙහිදී පැවසූ අතර එමෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට ඉතා ඉක්මනින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව බව ද පැවසු කාදිනල් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළේය.

එනම්,

  1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.
  2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.
  3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.
  4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.
  5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.
  6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.
  7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා මහා කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස ඇතැයි කියූ ප්‍රකාශයවත් තුට්ටුවකටවත් නොසලකා හැර එම තනතුරට පසුව පැමිණි නීතිපතිවරයා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ප්‍රහාරයේ පසුබිම හා එහි නීතිමය කටයුතු ගැන දැක්වූ මන්දගාමී හා පවතින පාලකයින්ට ළෙන්ගතුව ක්‍රියාකිරීමේ පිළිවෙත ද අද වෙනතුරුම මෙම නිලධාරීවාදයේ දක්වන සීතල වතුර ඉසීමේ ප්‍රතිපත්තිය නිසා ජනතාව විසින් පත්කරගන්නා ලද රජයකට විරුද්ධව හෝ තීරණගැනීමට ශක්තියක් ඇති පාරරාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කොතරම් දුරටත් බලවත්දැයි අපිට පෙන්වනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන් ඉතා උනන්දුවෙන් මේ කටයුත්තට අතගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීම භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම ඉදිරි කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇත. ජනතාව විසින් පවතින රජයට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ ඇතැම් දේශපාලනික හා දාමරික බලවේග හෙළිදරව් කරමින් මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, සුදු වෑන්, වධකාගාර, පාතාල ක්‍රියාකාරකම්, පෞද්ගලික හමුදා ආදිය තුළින් අප ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ අය හඳුනාගෙන, ඒ අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මනින් ක්‍රියා කරනු ඇතැයි සිතමිනි.

පාස්කු ප්‍රහාරයේ දීර්ඝ කඳුළු කතාවේ තවත් එක් පරිච්ඡේදයකි. දැනට පවතින නීතිරීති, යුක්තිය ඉටුකර රට පිරිසිදු කිරීම සඳහා නොසෑහේ නම් කළ යුත්තේ ඒ නීතිරීති වෙනස් කිරීමට ධෛර්යවන්ත වීමයි. ඒ සඳහා මේ රටේ පොදු ජනතාව ඉතා උනන්දුවෙන් පවතින රජයට සහාය දැක්වූ බව පැහැදිලිය. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනිකව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ගෙන් අප සමාජය පිරිසිදු කිරීමට ක්‍රියාකාරී වන ලෙසයි. ජනාධිපතිතුමනි, මේ ප්‍රහාරයේ අහිංසකයින් ලේ හැලීම ඔබ තුමන් 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුවේ කටුවාපිටියේ දී පොරොන්දු වු ලෙසම, කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories