බංග්ලාදේශයේ ඩකාහි නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 1,500ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩකාහි පැල්පත් නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 19ක් පමණ යෙදවීමට සිදු වූ බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා පැය පහක පමණ කාලයක් ගත වු බවය.