අසරණ ජනතාව දුප්පත්කමින් මුදා ගන්නා සමෘද්ධි ව්‍යාපාරය තම ආණ්ඩුවක් තුළ තවදුරටත් ශක්තිමත් කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසා ඇත. ඔහු මේ බව පැවසුවේ ඊයේ කුරුණෑගල, රිදීගම සතිපොළ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ජනහමුවට එක්වෙමින්. සමෘද්ධි පවුලක දරුවාට දේශීය විදේශීය රැකියා වෙළෙඳපොළට යාමට අවකාශය සලසන බවත් ඒ අනුව එම ජනතාව සැමදා සමෘද්ධි ප්‍රතිලාභින් වෙනවා වෙනුවට දේශීය ආර්ථික ආදායම් උත්පාදනය කරදෙන පිරිසක් බවට පත්කරන බවත් ඔහු විසින් ප්‍රකාශ කර ඇත. තවදුරටත් ඔහු සඳහන් කළේ සමෘද්ධි ව්‍යාපාරය තුළ තමයි රටේ ග්‍රාමීය ආර්ථිකය වගේම අහිංසක දෙමාපියන් දුප්පත්කමින් එළියට ගන්න පුලුවන් වැඩපිළිවෙළ තිබෙන්නේ කියලයි අපි විශ්වාස කරන්නේ ලෙසයි.ඒවගේම සමෘද්ධි ව්‍යාපාරයේ මූලික හරයන් ආරක්ෂා කරන්නත් බලාපොරොත්තු වෙන බව ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදි.