2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

ජාතික සමගියට යාන්ත්‍රණයක් ගේන්න ආණ්ඩුව ලෑස්තිවෙයි

පසුගිය මහ මැතිවරණයේදී ලැබුණු ජනවරම මත ජාතිකජාතික සමගියට යාන්ත්‍රණයක් ගේන්න ආණ්ඩුව ලෑස්තිවෙයි සමගිය ශක්තිමත් කිරීම සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මුනීර් මුලාෆර් පවසයි.

මුලාෆර් සඳහන් කර ඇත්තේ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරි මාසවලදී අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගන්නා බවයි.

රජයේ මෙම ප්‍රවේශයට රටේ සියලුම ප්‍රජාවගේ සහභාගීත්වය ඇතුළත් වන බව ඔහු අවධාරණය කරයි.

“සමාජයේ සෑම කණ්ඩායමකටම සහභාගී විය හැකි ක්‍රමයක් රජය විසින් අනුගමනය කරන්නේ. අපගේ ඉලක්කය සත්‍ය වශයෙන්ම සියලුදෙනා ඇතුළත් යාන්ත්‍රණයක් තුළින් ජාතික සමගිය ශක්තිමත් කිරීමයි,” යනුවෙන් නියෝජ්‍ය ඇමැති මුලාෆර් ප්‍රකාශ කරයි.

වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජයන් විසින් හඳුන්වා දුන් ආයතන සහ රාමු තුළ බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගිය ගැටලු විසඳීම සඳහා මීට පෙර යෝජිත පියවරක් වූ සත්‍යය සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ කොමිසම අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ නියෝජ්‍ය ඇමැති මුලෆ්ෆාර් පැවසුවේ, ඒ පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කළ යුතු බවයි.

“එය ප්‍රවේශමෙන් හා පුළුල් ලෙස බැලිය යුතු දෙයක්. අපි හැමෝගෙම සහභාගිත්වයෙන් හොඳ ක්‍රමයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එකමුතුකම තහවුරු කිරීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලිවලදී සියලුම කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම වැදගත්.”යැයි ඔහු අවධාරණය කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවට ජනතාවගෙන් පෙර නොවූ විරූ ජනවරමක් ලැබී ඇති බව නියෝජ්‍ය ඇමැති මුලෆර් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහුට අනුව, මෙම ශක්තිමත් සහයෝගය ප්‍රධාන ජාතික ප්‍රශ්න විසඳීමට සහ සාමය සහ සහජීවනය සඳහා වන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පහසුවක් වී තිබේ.

“මෙම ජනවරම පෙන්නුම් කරන්නේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ජනතාව අපව විශ්වාස කරන බවයි. දැන් අපගේ වගකීම වන්නේ එම විශ්වාසය ලබා දී ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කිරීමයි,” යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.

එවැනි යාන්ත්‍රණයක් මඟින් සෑම ප්‍රජාවකම මැදිහත්වීම සහතික කරමින් රට තුළ දීර්ඝ කාලීන සමගිය සහ සංහිඳියාව සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories