2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:10
නවතම පුවත්

ලංකාවට කොරියාවෙන් සෘතුමය රැකියා- යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රවලට අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා ලබා දීම සඳහා වැදගත් පියවර ගෙන තිබේ.ඒ අනුව E-8 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට, දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට මෙම අනුමැතිය ලැබී තිබේ.මෙම ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී ඇති අතර, එය මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස 5 සිට 8 දක්වා කෙටි කාලයක් සඳහා යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මානවල සේවය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.අවශ්‍ය ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව, සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) මගින් බඳවා ගැනීම් සිදු කරනු ඇත. කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඔවුන් ඉක්මනින් දකුණු කොරියාව බලා පිටත් කිරීමට පියවර ගන්නා බවයි.විශේෂයෙන්ම, මෙම රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන්නේ ශ්‍රී ලංකා රජය විසින් පමණක් බවත්, ඒ සඳහා වෙනත් කිසිදු බාහිර පාර්ශවයකට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබා දීමෙන් වළකින ලෙසත් වික්‍රමසිංහ මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.මෙම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විදේශ රැකියා අවස්ථා පුළුල් වීම මෙන්ම, කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර අංශවල අත්දැකීම් ලබා ගැනීමටද අවස්ථාවක් හිමිවනු ඇත.මෙම අවස්ථාව පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා සම්බන්ධ වන ලෙස ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories