2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

පන්නිපිටියේ මහා පරිමාණ හොර කච්චේරියක්.

නීති විරෝධී කච්චේරියක් වටලා රියැදුරු බලපත්‍ර, බදු ඔප්පු, උප්පැන්න සහතික, විභාග සහතික ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කර ඉහළ මිල ගණන් යටතේ අලෙවි කළ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මෙම නීති විරෝධී කච්චේරිය පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරක් මත සිදු කර ඇති මෙම මෙහෙයුමේදී පසුගිය 8 වන දා ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සහිත පුද්ගලයෙකු මාතර වෙරළ පාරේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එම බලපත්‍රය ඔහුට ලබා ගැනීමට සහාය වූ තවත් අතරමැදි පුද්ගලයෙකු අකුරැස්ස විල්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත හොර කච්චේරිය පවත්වාගෙන යනු ලබන කොළඹ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරු මත ව්‍යාජ ලේඛන සැකසීම සඳහා භාවිතයට ගන්නා පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ තවත් ලිපිද්‍රව්‍ය සමග තවත් එක් සැකකරුවෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී වෛද්‍ය උපාධි සහතික, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සහතික, බදු ගිවිසුම්, NVQ සහතික හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර 148ක් සොයාගත් බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.

වැඩිදුරට ත් සිදු කළ විමර්ශනයේදී ලිපිලේඛන මුද්‍රණ කටයුතු සිදු කළ පාදුක්ක ප්‍රදේශයේ මුද්‍රණාලයක් වටලා තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

2017 වසරේ සිට මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙම ජාවාරම්කරු සමග සම්බන්ධ වී ඇති බවට ද පොලිසිය කරුණු අනාවරණය කර ගෙන ඇත.

මේ අනුව, යන්ත්‍ර සූත්‍ර ද සමග අත්අඩංගුවට ගෙන ඇති රියැදුරු බලපත්‍ර ප්‍රමාණය 168කි.

මෙයට අමතරව ප්‍රධාන සැකකරු සතුව තිබී ව්‍යාජ ලිපිලේඛන සකසා උපයාගත් මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අවුරුදු තිස් දෙකක් හැටත් අතර වයස්වල පසුවන සැකකරුවන් පෙරේදා (09) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories