දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්ති මලේ යුධ හමුදා කඳවුරට අනුයුක්ත පදවි පරාක්රමපුර ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි සෙබළෙකි.
ශ්‍රී පුර පොලිසියට අද (5) ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ශ්‍රීපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.