2026 ජූලි 31 සිකුරාදා, 01:04
නවතම පුවත්

අවුරුදු 16කට පසු දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් 18 – 28 දක්වා දින දහයක්

සිංහල අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහානායකවරුන්ගෙන් කළ ඉල්ලීමට උන්වහන්සේලා ගේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව අප්‍රේල් 18 – 28 දින දහය තුළ එම දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට දින නියම වී ඇතැයි මල්වතු අස්ගිරි මහා විහාර ආරංචි මාර්ග තහවුරු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහා නායක හිමිවරු හමුවී සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මහා නායක හිමිවරුන්ගේ අවසරය ලැබෙන්නේ පුරා වසර 16ක් තුළ දළදා ප්‍රදර්ශනයක් පවත්වා නැති බැවින් බව පැවසේ.

මේ රටේ අවසන් වරට විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවේ 2009 මාර්තු මස 06 වැනිදා ය. එනම් මීට අවරුදු 16කට පෙරය.

මින් පෙර එනම් 2022 දෙසැම්බර් මස 17 වැනිදා 75 වැනි නිදහස් දිනයට සමගාමීව රනිල් වික්‍රමසිංහයේ රජය යටතේ අගමැති දිනේෂ් ගුණවර්ධන දළදා ප්‍රදර්ශනයක් සඳහා මහා නායකවරුන්ගෙන් අවසර ඉල්ලා සිටිය ද එම ඉල්ලීම සඳහා මල්වතු – අස්ගිරි කාරක සංඝ සභාව තුල බහුතරයකගේ දැඩි විරෝධයක් මතු වී එම ඉල්ලීම ප්‍රතික්ෂේප වුනේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories