2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:01
නවතම පුවත්

ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමාකළ බවට ඒකාබද්ධ නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමාකළ බව දැනුම් දෙමින්, මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව, වසර 16 පසුව සිරි දළදා වන්දනාව සිදු කළ බවද, අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක්, ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ලබා දීමට කටයුතු කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජනාධිපතිතුමා ඇතුළු රජයට, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට, දිසාපති කාර්යාලය නගර සභාවේ සියළු කාර්ය මණ්ඩලයට, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවට, සිවිල් ආරක්ෂක බලකායට, සෞඛ්‍ය, සනීපාරක්ෂක හා වෙනත් යටිතල පහසුකම් සපයා දුන් රාජ්‍ය ආයතනවලට සහ වෙනත් අයුරින් සහයෝගය දුන් ස්වේච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීන් හටද පුන්‍යානුමෝදනා හා ස්තුතිය පළ කර සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේගේ සහ ශ්‍රී දළදා මාළිගාගේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories