2026 ජූලි 31 සිකුරාදා, 00:08
නවතම පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක්

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළවී තිබේ.

ඒ අනුව, ආංශික අධීක්ෂණ කාරක සභා 7න් සභාපතිධුර 03ක් විපක්ෂයටත්, අනෙක් සභාපතිධුර හතර ආණ්ඩු පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසීය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වී ඇති බව සඳහන්ය.

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙලෙස දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණයවී තිබේ.

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories