2026 ජූලි 29 බදාදා, 03:25
නවතම පුවත්

“මං වැරදිකාරයෙක් නෙවෙයි” මදුරෝ නිව්යෝර්ක් අධිකරණයට කියයි

ඇමරිකානු හමුදා මෙහෙයුමකින් අත්අඩංගුවට පත් වූ වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්, තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව පවසමින් නිව්යෝර්ක් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගියදා ක්‍රියාත්මක වූ අතිශය රහසිගත සහ ප්‍රබල ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගත් මෙම යුවළ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ හෙලිකොප්ටර් යානා මගින් මෑන්හැටන් හි ෆෙඩරල් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

අධිකරණ පරිශ්‍රය අවට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර, භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් අධිකරණය ඇමතූ මදුරෝ, තමන් නිර්දෝෂී බවත් තවමත් තම රටේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා තමන් බවත් අවධාරණය කළේය.

ලෝක ප්‍රකට විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල නීතිඥ බැරී පොලැක් මදුරෝ වෙනුවෙන් පෙනී සිටීම විශේෂත්වයක් වූ අතර, මදුරෝගේ බිරිඳ වෙනුවෙන් ටෙක්සාස්හි ප්‍රකට නීතිඥ මාර්ක් ඩොනෙලි පෙනී සිටියේය.

මෙහිදී විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්නේ මදුරෝ දැනට සෞඛ්‍ය ගැටලු කිහිපයකින් පෙළෙන බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිලියා ෆ්ලෝරස්ගේ ඉළ ඇටවලට බරපතල හානි සිදුව ඇති බවත්ය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට විනිසුරුවරයා නියෝග කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම, වෙනිසියුලානු පාලනයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ලෙස හැඳින්වේ.

වසර 25කට අධික කාලයක් පුරා ඇමරිකාවට කොකේන් ටොන් දහස් ගණනින් හොර රහසේ ප්‍රවාහනය කිරීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමටත් මදුරෝ සහ ඔහුගේ පවුලේ පිරිස කටයුතු කර ඇති බවට ඇමරිකානු රජය චෝදනා කරයි.

මදුරෝගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ වෙනිසියුලාවේ අතුරු ජනාධිපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් දිවුරුම් දී ඇති අතර, මෙම නඩුවේ මීළඟ විභාගය මාර්තු 17 වනදා පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories