2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:57
නවතම පුවත්

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව 1,150,000 ඉක්මවයි

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,156,018ක් වන බව වාර්තා වේ. එම සේවකයින්ගෙන් සියයට 50.5ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සියයට 49.5ක් වන බව සඳහන්ය.

2016 වර්ෂයෙන් පසුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල සේවකයින්ගේ සංගණනය පසුගිය වසරේ සිදුකර තිබේ. එහිදී රාජ්‍ය අංශයේ සේවකයින් 938,763 දෙනෙකු සහ අර්ධ රාජ්‍ය අංශයේ 217,255 දෙනෙකු සිටින බව අනාවරණය වී ඇත.

2016 වර්ෂයේ සිදුකළ සංගණනයට අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,119,475ක් වන අතර මෙවර සංගණනයේ දී එම සංඛ්‍යාව 46,543කින් ඉහළ ගොස් තිබේ.

මෙම වාර්තාවට අනුව රාජ්‍ය අංශයෙන් වැඩිම සේවකයින් පිරිසක් මධ්‍යම රජය යටතේ සේවය කරනු ලබන අතර එය සියයට 59.5ක් වන බව සඳහන්ය. මෙම සංගණනය සඳහා සියලුම රාජ්‍ය හා ආර්ධ රාජ්‍ය අංශයේ ආයතන ආසන්න වශයෙන් 32,500ක් පමණ සංගණනයට ලක්කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අර්ධ රාජ්‍ය ආයතනවල අනුබද්ධිත ආයතනවල සේවකයින් ද යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා සේවනයින් ද අර්ධ රාජ්‍ය අංශයේ වතු ක්ෂේත්‍රයේ කම්කරුවන් ද මෙම සංගණනයට ඇතුළත් කර නොමැති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories