2026 ජූලි 29 බදාදා, 19:09
නවතම පුවත්

දවුලගල පාසල් සිසුවිය පැහැරගෙන යෑම – OICගේ වැඩ තහනම්

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යෑමේ සිද්ධිය වූ දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.

එසේ වැඩ තහනම් කර ඇත්තේ, සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහගේය.

එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ ට කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩට පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ නියෝග මත මෙම විනය පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලීසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පවසා ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories