2026 ජූලි 29 බදාදා, 09:05
නවතම පුවත්

වසා දැමුණු කටුනායක කර්මාන්ත ශාලාවේ සේවකයින් කම්කරු නියෝජ්‍ය ඇමති හමුවෙයි

වසා දැමුණු කටුනායක NEXT ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින් සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් අද (23) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී ඊයේ දිනයේදී පාලනාධිකාරය ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදාළ කම්හලේ වෘත්තීය සමිති හමුවේ අද දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ හදිසියේ කම්හල වසා දැමීමට ගත් තීරණය සමග තමන්ට එකඟ විය නොහැකි බවය.

එම තීරණය පාලනාධිකාරය සහ සේවකයන් අතර මීට පෙර ඇති කරගෙන තිබූ ගිවිසුමට අනුව නිත්‍යානුකූල නොවන බවත් ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර තිබේ.

එමෙන්ම කෙසේ හෝ යළි තමන්ට රැකියා ලබා දීමට පියවර ගන්නා ලෙසද වෘත්තීය සමිති නියෝජිතයන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් ඉල්ලීමක්ද කර ඇත‍.

එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වසා දැමුණු කම්හල යළි විවෘත කරන ලෙස පාලනාධිකාරයෙන් තමන්ද ඉල්ලීමක් කළ බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිතිය සහ පාලනාධිකාරය අතර සාකච්ඡාවක් පැවැත්වීමට මැදිහත් වන බවද මහින්ද ජයසිංහ මහතා එම නියෝජිතයින් හමුවේ පවසා තිබේ.

ඊයේ (22) දිනයේද මේ පිළිබඳව සාකච්ඡාවක් වසා දැමුණු NEXT ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතර පැවැත්විණි.

එහිදී පාලනාධිකාරිය පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට කර්මාන්ත ශාලාව අධික පාඩු ලබමින් සිටි බවත් එම පාඩුව මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 10ක් පමණ වූ බවත්ය.

ඒ අනුව මෙහෙයුම් පිරිවැය අධික වීම හේතුවෙන් මෙම ඇඟලුම් කම්හල අකමැත්තෙන් වුවද වසා දැමීමට සිදු වූ බව පාලනාධිකාරය මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

2,800ක් පමණ වූ එම කම්හලේ සේවකයන්ගෙන් රැකියා අහිමි වන 1,400ක් පමණ වූ සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට අමතරව වඩා වැඩි වන්දියක් ගෙවීමට තම සමාගම සූදානම් බවත් රැකියා අහිමිවන සේවක සේවිකාවන්ට වෙනත් කම්හලක රැකියා ලබා දීමට පාලනාධිකාරිය විසින් මැදිහත් වන බවත් ඔවුන් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

එහිදී අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පූර්ව දැනුම් දීමකින් තොරව කම්හල මෙලෙස වසා දැමීම කම්කරු නීතියට පටහැනි බවය.

එමෙන්ම මෙම තීරණය සම්බන්ධයෙන් ආයෝජන මණඩලය මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර නොගත්තේ මන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහෙදී පාලනාධිකාරයෙන් විමසා සිටියේය.

එහිදි ඔවුන් සඳහන් කළේ කම්හල වසා දැමීමේ තීරණයත් සමග සේවකයන් නොසන්සුන්වීම සැළකිල්ලට ගෙන එම පියවර ගත් බවය.

කෙසේ වෙතත් තම ව්‍යාපාර සමූහයේ මෙරට ක්‍රියාත්මක සෙසු ඇඟලුම් කර්මාන්ත ශාලා දෙක සාර්ථකව පවත්වාගෙන යන බවද ඔවුන් මෙහිදී සඳහන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories