දේශපාලනයේ පරාජයේ වියරුවට පත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමා උතුරේ කළ ප්‍රකාශයක් විකෘති කරමින් ඉතා නිර්ලජ්ජිත ලෙස හැසිරෙන බව ත් සමාව ගත යුත්තේ තමා නොව මෙවැනි විකෘති ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
ඔහු පැවසුවේ තමා කළ ප්‍රකාශයක් ඉතා නින්දිත ලෙස විකෘති කරමින් ජාතිවාදයේ මඩ ගොහොරුවේ එරෙමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ සිදුකරන ප්‍රකාශ හමුවේ ඔහුගේ වත්මන් දේශපාලන මට්ටම ඉතා හොඳින් පෙනෙන බව ය.
කෙසේ නමුත්, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මා කළ ප්‍රකාශය කිසිසේත් ම ජාතිවාදී ප්‍රකාශයක් නොවනවා සේ ම තම කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බව පැවසීම පිළිබඳ තමා ස්තුතිවන්ත වන බව ද දිසානායක මහතා කීය.
තමා හෝ තම පක්ෂය මෙතෙක් රටේ කිසිදු ජාතියකට අගතියක් වන අයුරින් සලකා නැති බව ත් එක ම රටක එක ම ජාතික කොඩියක් එසවීමේ අභිලාෂය තම දේශපාලන ව්‍යාපාරයේ එක ම අරමුණ බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.
එම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් එසේ නැති නම් කුල භේදය, ආගම් භේදය හෝ කිසිදු භේදයක් තම පක්ෂයේ නොමැති බව සියලු ම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අදටත් පැවසීමට තමාට හැකි බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.