2026 ජූලි 27 සඳුදා, 02:37
නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය සැප්තැම්බර් මස 9 වැනිදා සිට ඉදිරියට බලපැවැත්වේ.

මෙම නව චක්‍රලේඛය යටතේ, ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල්වල සිසුන්ට ද රජයේ පාසල්වල හයවැනි ශ්‍රේණියට ඇතුළත් වීමේ අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අමාත්‍යාංශය පවසන්නේ, එම සිසුන්ගේ වයස, සාධන මට්ටම සහ භාෂා හැකියාව රජයේ පාසල්වල ඉගෙනුම ලැබීමට ප්‍රමාණවත් ද යන්න තහවුරු කර ගැනීමේ වගකීම අයැදුම් කරන පාසල අයත් කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැවරෙන බවයි.

එලෙස තහවුරු කර ගැනීමෙන් පසු, ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ලකුණු අනුව සිසුන් ඇතුළත් කිරීමෙන් අනතුරුව තවදුරටත් පුරප්පාඩු පවතී නම්, එවැනි පාසල් සඳහා මෙම සිසුන්ට ඇතුළත් වීමට අවස්ථාව සලසා දිය හැකිය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවැනි ශ්‍රේණිය සඳහා අයැදුම් කිරීම සහ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත (Online) පද්ධතියකින් පමණක් සිදු කෙරේ.

මාර්ගගත පද්ධතිය මගින් අයැදුම් කළ යුතු කාලසීමාව, අයැදුම් කළ හැකි පාසල් නාමලේඛන සහ තාක්ෂණික උපදෙස් අමාත්‍යාංශ වෙබ් අඩවියේ සහ මාධ්‍ය මගින් පළ කෙරෙනු ඇත.

චක්‍රලේඛයේ දැක්වෙන්නේ, දිස්ත්‍රික් කඩඉම් ලකුණු නිකුත් කිරීමෙන් පසු, එම කඩඉම් ලකුණ ඉක්මවූ සිසුන්ට පාසල් අයැදුම් කිරීම සඳහා අයැදුම්පත පාසල මගින් දෙමාපියන් වෙත ලබා දිය යුතු බවයි.

විදුහල්පතිවරුන් එම සම්පූර්ණ කළ අයැදුම්පත්වල තොරතුරු අයැදුම්පත් කැඳවීමේ කාල සීමාව තුළ මාර්ගගත පද්ධතියට ඇතුළත් කළ යුතු වේ. මාර්ගගත පද්ධතියට තොරතුරු නිවැරදිව ඇතුළත් කිරීමේ වගකීම පාසලේ විදුහල්පතිවරයා සතු වන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මාර්ගගත පද්ධතියට ඇතුළත් කළ තොරතුරුවල නිවැරදිතාව පරීක්ෂා කිරීමට දෙමාපියන්ට අවස්ථාව ලබා දී, ඒ බව දෙමාපියන්ගේ අත්සන ලබාගෙන සහතික කර ගත යුතු අතර, මෙම අත්සන් ලේඛන විදුහල්පති විසින් පාසලේ සුරක්ෂිතව තබා ගත යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories