ප්රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන “කෙහෙල්බද්දර පද්මේ” සහ ඔහුගේ අනියම් බිරිඳ මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
“කෙහෙල්බද්දර පද්මේ”, ඔහුගේ අනියම් බිරිඳ සහ “කමාන්ඩෝ සලින්ත” පසුගිය ජූලි 9 වනදා මැලේසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට මුලින් වාර්තා විය. පසුව මෙරට පොලීසියද එම පුවත තහවුරු කළ අතර, ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර හැරීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත්, වාර්තා වන පරිදි, ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට (ජූලි 14) දිනයේදී යළි මෙරටට පැමිණීමට නියමිතයි