සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (ජූලි 10) පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) දැනුම් දී තිබෙනවා.
මේ හේතුවෙන් තවදුරටත් ප්‍රවේශපත්‍ර අලෙවි කුටි වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, විකිණීමට කිසිදු ප්‍රවේශපත්‍රයක් ඉතිරිව නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවට දැනුම් දුන්නා.
ප්‍රවේශපත්‍ර හිමි ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා පස්වරු 5 සිට දොරටු විවෘත කිරීමට නියමිතයි. තරගය අද සවස 7ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.