2026 ජූලි 28 අඟහරුවාදා, 09:02
නවතම පුවත්

ලුණුවිල හෙලිකොප්ටර් අනතුර විමර්ශනයට කමිටුවක්

වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසයි.

මානුෂීය මෙහෙයුම්වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (නොවැම්බර් 30) ලුණුවිල ප්‍රදේශයේදී අනතුරට පත් විය. යානය කඩා වැටෙන අවස්ථාවේදීත් ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට සූදානමින් සිටියේය.

නියමුවන් යානය ආරක්ෂිත ගොඩබෑමකට උත්සාහ දරා තිබුණ ද, ඒ අතරතුර හෙලිකොප්ටරය ගිං ඔයට කඩා වැටී ඇත. යානයේ ගමන්ගත් ගුවන් නියමුවා ඇතුළු 5 දෙනා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් මුදාගෙන මාරවිල රෝහලට ඇතුළත් කළ ද, එක් නියමුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකි. අත්දැකීම් බහුල ගුවන් නියමුවෙකු වූ ඔහුගේ අභාවය රටම කම්පාවට පත් කළ සිදුවීමක් බවට පත්ව ඇත.

තවද, මියගිය නිර්මාල් සියඹලාපිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා විෂයේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති අතර, ඔහු සූදානම්ව සිට ඇත්තේ හෙට (දෙසැම්බර් 02) පැවැත්වෙන එම උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට බවට සංවේදී කරුණක් වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories