2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:30
නවතම පුවත්

මහාධිකරණ විනිසුරුට අපහාසාත්මක පෝස්ටර් ඇලවූ තවත් දෙදෙනෙක් අල්ලයි

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහසාත්මක දැන්වීම් ඇලවීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) දින දහවල් කාලයේ දී කැලණිය සහ දෙහිවල යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 03 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹකොටේ සහ දෙහිවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 සහ 41 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් විසින් අදාළ පෝස්ටර් නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා සන්තකයේ තබා ගැනීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය අගෝස්තු 28 වන දින මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාගේ ඡායාරූපය ඇතුළත් කරමින් ඔහුට අපහාසයක් සිදුවන අයුරින් කිසියම් පිරිසක් විසින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 11 වන දින මඩපාත, මාතලේ සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධව අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories