හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි, අද (ඔක්තෝබර් 02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි මොහොතේම අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීමක් සම්බන්ධයෙන් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු කොමිසම වෙත කැඳවා තිබූ අවස්ථාවේදීම මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ආරක්ෂක අංශ තුළ ද යම් ආන්දෝලනයක් සහ උණුසුමක් ඇති කරනු ඇතැයි වාර්තා වේ.