2026 ජූලි 25 සෙනසුරාදා, 16:24
නවතම පුවත්

අණ නොතකා ධාවනය කළ ලොරියක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යටකර පලා යයි

වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පලාගිය ලොරි රථ රියදුරෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස යතුරුපැදියකින් හඹා යමින් සිටි නිලධාරීන් දෙදෙනාව සැකකාර රියදුරු විසින් හිතාමතාම අනතුරට ලක් කර ඇත.

මෙම බිහිසුණු අනතුර සිදුවන අවස්ථාවේ නිලධාරීන් දෙදෙනා මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර, ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයේ පැටලී ඉදිරියට ඇදී යන අයුරු පසුපසින් පැමිණි වාහනයක සිටි අයෙකුගේ ජංගම දුරකථනයක සටහන්ව තිබුණි. යතුරුපැදිය ලොරියේ සිරවීම හේතුවෙන් රියදුරු විසින් වාහනය මාර්ගයේ අතහැර දමා අසල කැලෑ රොදකට පැන ගොස් තිබේ.

අනතුරුව බූඔය පාලම අසල පිහිටි යුද හමුදා කඳවුර දෙසට පලා යමින් සිටි සැකකරු යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඊරට්ටපෙරියකුලම පොලීසිය වෙත භාර දී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සැකකරු සහ ලොරි රථය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories