2026 ජූලි 29 බදාදා, 14:39
නවතම පුවත්

බංග්ලාදේශයට පළමු දිනයේ වැඩි වාසිය: ෂැන්ටෝ සහ රහීම්ගෙන් ශතක!

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට, කඩුලු 3ක් දැවී ලකුණු 292ක් ලබා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම දවස පුරා වැඩි වාසියක් හිමි කර ගැනීමට සමත් වුණා.

මෙම දිනයේ විශේෂ සිදුවීම වූයේ බංග්ලාදේශ ටෙස්ට් නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් ශතක වාර්තා කිරීමයි.

අද පෙරවරුවේ තරගයේ මුල් පන්දුවාර 17 තුළදී ලකුණු 45ක් තුළ සිය මුල් කඩුලු 3 බිඳ වැටීමෙන් බංග්ලාදේශ කණ්ඩායම තරමක් අසීරු තත්ත්වයකට පත් වුවා. එහෙත්, ඉන්පසු පිටියට පිවිසි නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම්, දිනය නිමා වන විට නොබිඳුණු ලකුණු 247ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළා.

දින අවසානයේදී නජ්මුල් හුසේන් ෂැන්ටෝ ලකුණු 136ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 105ක් ලබාගෙන ඔහුට සහය දුන්නා.

පන්දු යැවීමේදී, සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වූ තරිඳු රත්නායක කඩුලු දෙකක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් ලබා ගත්තා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories