2026 ජූලි 29 බදාදා, 23:46
නවතම පුවත්

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි-20 ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළද
නායකයාගේ තීරණයට උපරිම සාධාරණය ඉටුකිරීමට පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැත.නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කදී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වු ඉෂ් සෝදි සහ සැක් ෆෝක්ස් නවසීලන්තය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.නවසීලන්තය වෙනුවෙන් ගොඩ නැගුණු ඉහළම සබදතාවය එය විය.ඒ අනුව නවසීලන්තයට පන්දුවාර 19යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් රැස්කළ අතර සැක් ෆෝක්ස් නොදැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 27කි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 20ට කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු දෙක බැගින් බෙඳී ගියේය.ලකුණු 136ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවි ලකුණු 140ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

තරග දෙකකින් සමන්විත ව්ස්සයි-20 තරගාවලිය තරග 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.මේ අතර අද තරගයේදී කුසල් ජනිත් පේරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ව්ස්සයි-20 ලකුණු රැසකළ පිතිකරු බවට පත්විය.ඔහු අභිබවා ගියේ හිටපු නායක තිලකරත්ත ඩ්ල්ෂාන්ය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories