2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:12
නවතම පුවත්

පළමු ශ්‍රේණියට දරුවන් අඩුවෙලා

පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින හෙයින් දැනට පවතින පාසල් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානය යොමු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත කලාප කිහිපයක් උපයෝගී කර ගනිමින් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සමීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඒකාබද්ධ කළ හැකි මෙන්ම වසා දැමිය හැකි හුදකලා පාසල් සම්බන්ධයෙන්ද තොරතුරු ලබා ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණු වෙයි. සිසුන්ගේ අඩුවීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයේම පාසල් කිහිපයක් වෙනත් ප්‍රධාන පාසල්වලට දැනටම ඒකාබද්ධ කර තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 4878කින් අඩු වී තිබෙන අතර ඉදිරි වසරවලදී තවදුරටත් ඇතුළත්වීම් අඩුවනු ඇතැයි අමාත්‍යාංශය උපකල්පනය කර ඇත. මීට හේතු වී ඇත්තේ උපත් අනුපාතය අඩුවීම මෙන්ම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට සිසුන් ඇතුළත්වීමේ වර්ධනය ලැබීමය. පෙර වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීම් 292517ක් වූ අතර එය පසුගිය වසරේදී 287639ක් දක්වා පහළ වැටී තිබේ.

අමාත්‍යාංශයේ අලුත්ම දත්ත අනුව සිසුන් දහයට අඩු පාසල් සංඛ්‍යාව පන්සියයද ඉක්මවා තිබේ. ඒ අතර එක් සිසුන් දෙදෙනෙක් පමණක් සිටින පාසල්ද වෙයි. පෙර වසරේ පාසල් සංඛ්‍යාව පසුගිය වසර වන විට පාසල් තිහකින් අඩු වී තිබේ. මේ වන විට පවතින පාසල් සංඛ්‍යාව 10096කි. පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ශිෂ්‍ය ජනගහනය 80909ක් අඩු වී තිබේ. පෙර වසරේ සිසුන් සංඛ්‍යාව 3969597ක් වූ අතර පසුගිය වසර වන විට එම සංඛ්‍යාව 3882639ක් දක්වා අඩු වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories