2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:42
නවතම පුවත්

දේශබන්දුට එරෙහි විමර්ශනයේ වැදගත් සන්ධිස්ථානයක්: සාක්ෂි විභාගය අවසන්!

                                                                                                                                                                                                                                                                                                                                                                                                        අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව සිදුවන විමර්ශනයේ තීරණාත්මක අදියරක් සනිටුහන් කරමින්, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටි සියලු දෙනාගේ සාක්ෂි ලබාදීම ඊයේ (ජුනි 24) අවසන් වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම කමිටුව පත් කර ඇත්තේ දේශබන්දු තෙන්නකොන් මහතා විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි.

මුලින් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව සාක්ෂිකරුවන් 15 දෙනෙකුගේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි. කෙසේ වෙතත්, ඊයේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂි ලබාදීමෙන් පසු, ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉදිරිපත් නොකරන බවට ඔවුන් දැනුම් දී තිබේ.

ඒ අනුව, අද දින පරීක්ෂණ කමිටුව හමුවට පැමිණ සිටි අනෙකුත් සාක්ෂිකරුවන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇත.

මේ අනුව, වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිස්තුවේ සිටි සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් සටහන් කරගෙන ඔහුගේ නඩුව අවසන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories