2026 ජූලි 29 බදාදා, 02:29
නවතම පුවත්

කිරි සම්බා හිඟයට විසඳුමක්: සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

මෙරට වෙළෙඳපොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා ආරක්ෂක කමිටුව නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) අද නිවේදනය කළේය.පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි කිරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ නොමැති වීම හේතුවෙන් රජය විසින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් පෙන්වා දෙන ලද කරුණු පදනම් කර ගනිමින්, කිරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීම සඳහා එම කමිටුව විසින් නිර්දේශ කර ඇත.ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 5,000ක් රජයේ ආයතන හරහාත්, ඉතිරිය පෞද්ගලික අංශය හරහාත් ආනයනය කිරීමට තීරණය වී තිබේ. රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ජනාධිපති කාර්යාලයේදී ජුනු 25 එනම් ඊයේ දින රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.මෙම තීරණ ගැනීමට පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා හේතු වී ඇති බව සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි. එමෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා සතොස ආයතන සහ වී අලෙවි මණ්ඩලය හරහා වී කිලෝවක් රුපියල් 120 මුදලකට මිලදී ගැනීම අඛණ්ඩව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories