2026 ජූලි 27 සඳුදා, 01:31
නවතම පුවත්

චීනයට 500%ක බද්දක් පැනවීමට ඇමෙරිකානු සැලසුමක්

යළිත් වරක් චීනය, “රුසියානු යුධ යන්ත්‍රයට” ශක්තිය සපයන බවට චෝදනා කරමින්, චීනය වෙත 500%ක තීරුබදු පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය ලබා දීමට සෙනෙට් සභිකයින් රැසක් සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මහතා සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් චීනයට අමතර 100%ක තීරුබදු පැනවීමට තර්ජනය කරමින්ම, එම දෙවන විශාලතම ආර්ථිකයට “උදව් කිරීමට” අවශ්‍ය බවට පරස්පර අදහස් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව, ස්කොට් බෙසන්ට් මහතා යළිත් චීනය ඉලක්ක කළේය.

බදාදා මාධ්‍ය හමුවක් අමතමින් භාණ්ඩාගාර ලේකම්වරයා පැවසුවේ, රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් චීනයට 500%ක් දක්වා තීරුබදු පැනවීමට ට්‍රම්ප්ට බලය ලබා දීමට ඇමරිකානු සෙනෙට් සභිකයින් 85 දෙනෙකු සූදානම්ව සිටින බවයි.

“රුසියානු යුධ යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ චීනය විසින් රුසියානු තෙල් මිලදී ගැනීමයි. රුසියානු බලශක්තියෙන් 60%ක්, එනම් සියයට හැටක්, චීනය මිලදී ගන්නවා. ඔවුන් ඉරාන බලශක්තියෙන් 90%ක් මිලදී ගන්නවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවෙන් චීනයට සහ ඉන්දියාවට එරෙහිව නැවත නැවතත් චෝදනා එල්ල කර ඇති ඔහු, එම ආසියානු ජාතීන් “රුසියානු යුධ යන්ත්‍රවලට” ශක්තිය සපයන බවට වන සිය ප්‍රකාශය යළි අවධාරණය කළේය.

රුසියාව සමඟ ඇති සම්බන්ධතා විවේචනය කිරීමට අමතරව, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths) අපනයනය සීමා කිරීමට චීනයේ ඇති සැලසුම් ද ඔහු දැඩි ලෙස හෙළා දුටුවේය. චීනය “ලෝකයට විශ්වාස කළ නොහැකි හවුල්කරුවෙකු” ලෙස ද ඔහු නම් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories