2026 ජූලි 31 සිකුරාදා, 07:05
නවතම පුවත්

රනිල්, සජිත්, මහින්ද හවුල පට්ටපල් බොරුවක්- සජිත්

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට පැතිර යන කතා අමූලික පට්ටපල් බොරු බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බව විපක්ෂ නායකවරයා පැවසීය.

එවැනි ප්‍රචාරණයන් අමූලික බොරු බව ත් සමගි ජන බලවේගය එවැනි කිසිවකු සමඟ එකතු නොවන බව ත් බොරු ප්‍රචාරණයන්ට හසු නොවන ලෙස ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා ඇතැම් අය මෙවැනි ප්‍රවෘත්ති මවන බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

බොරුවට, මුසාවට හා මංමුළාවට වැඩි ආයුෂ නැති බවත් පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂ්‍යය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවනු ඇති බව ඔහු කීවේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පුත්තලමේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.

එසේ ම, උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙන නිසා බව ඔහු කීය.

මේ අලු‍ත් අවුරුදු සමය තුළ ධාතුන් වහන්සේ ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය හා වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බව ත් එයට හේතුව රජයට ඇති අප්‍රසාදය වැඩි වීම බව ත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories