2026 ජූලි 31 සිකුරාදා, 06:27
නවතම පුවත්

හැම පාසලකම උසස් පෙළට ගණිතය/විද්‍යාව විෂය ධාරා උගන්නන්නැයි ඉල්ලීමක්

දැනට උසස් පෙළ ගණිතය/විද්‍යාව විෂය ධාරාවන් පිරිනමන දුර බැහැර ජාතික පාසල් වෙත සිසුන්ට යෑමට සිදුවීම වැළැක්වීම සඳහා සියලුම දේශීය පාසල් හරහා ගණිත හා විද්‍යා විෂය ධාරා පන්ති ආරම්භ කරන ලෙස ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති සහ නාත්තන්ඩිය ලූර්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති පියසිරි ප්‍රනාන්දු පවසන්නේ තම පාසලේ ඇත්තේ ද කලා හා වාණිජ පන්ති පමණක් බැවින් විද්‍යාව හෝ ගණිතය හැදෑරීමට සුදුසුකම් ඇති සිසුන්ට එම විෂයයන් උගන්වන බොහෝ දුරින් පිහිටි ජාතික පාසල්වලට යෑමට සිදුව ඇති බවයි.

එබැවින් අධ්‍යයන පොදු සහතික උසස් පෙළ සඳහා විද්‍යා හෝ ගණිත පන්ති සියලුම පාසල්වල ස්ථාපිත කළ යුතු බව ඔහුගේ අදහසයි.

2023 අධ්‍යාපන ක්‍රියාකාරීන්ගේ වාර්තා අනුව පෙනී යන්නේ ආසන්න වශයෙන් පාසල් 10,100න් 7,000කට ආසන්න පාසල් ගණනක උසස් පෙළ සිසුන්ට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, කලා සහ ගණිත (STEAM) පන්ති නොපවත්වන බවයි.

විද්‍යා හා ගණිත අධ්‍යාපනය සඳහා ජාතික පාසල්වලට සිසුන් පිටත්ව යෑම හේතුවෙන් කුඩා පාසල්වලට සිසුන් නොමැති වන බවද ප්‍රනාන්දු පැවසීය.

මෙම වසර මුලදී (2024) ඇමැති මණ්ඩලය විසින් රට තුළ STEAM අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීම සඳහා රට පුරා පාසල් ගුරුවරුන් 7,500ක් කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ පුහුණු කිරීමේ යෝජනාවක් අනුමත කරන ලදී.

සාම්ප්‍රදායික විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනයට කලා අධ්‍යාපනය ඒකාබද්ධ කිරීමෙන් STEAM අධ්‍යාපනය ප්‍රථම වරට එක්සත් ජනපදයේ හඳුන්වා දෙන ලදී.

මෙම අධ්‍යාපන ක්‍රමය පාසල්වල සියලුම ශ්‍රේණිවලට හඳුන්වාදීමට හිටපු රජය සැලසුම් කර තිබූ බව වාර්තා විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories