මෝදර හෙලමුතු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් ගැලවී වැටුණු කොන්ක්‍රීට් කොටසක් සිරුරේ වැදීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 7ක දරුවෙකි.
පොලිසිය සඳහන් කළේ ඊයේ මෙම අනතුර සිදුවී බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.
මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එසේම දෙසැම්බර් මාසයේ විදුලි සෝපාන ක්‍රියාත්මක නොවීම නිසා ගැබිණි මාතාවකට හදිසියේ දරුවකු ප්‍රසූත කිරීමේ තත්ත්වයට පත්ව පඩිපෙළ බසිමින් පැමිණෙන අවස්ථාවේදී පඩිපෙළ මතම දරුවා ඉපදී මිය ගොස් ඇත.
2025 වර්ෂයේ නව රජයෙන් මෙම නිවාස සංකීර්ණ අලුත්වැඩියාව සඳහා වෙන්කරන ලද මුදල් භාවිතා නොකර නැවත හරවා යැවූ බවත් විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කර තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින් තම වගකීම් පැහැර හැරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය,මෙම මහල් නිවාස සංකීර්ණය 2019 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු නිම කර ජනතා අයිතියට පත් කර ඇත.නමුත් අද වන තුරු නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ සඳහා කිසිදු පිළිසකර කිරීමට පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරයි.