2026 ජූලි 28 අඟහරුවාදා, 00:04
නවතම පුවත්

දිස්ත්‍රික්ක තුනක උසස් පෙළ විශිෂ්ටයන් 360කට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් 2023/2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 360 දෙනෙකුට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතිකපත් ප්‍රදානය කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ. මෙම ඇගයීම ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක වන “උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන” යටතේ සිදු කෙරේ.

ඒ අනුව, මෙම ඇගයීමේ උත්සවය හෙට (ජූලි 27) පෙරවරු 9.00ට මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී පැවැත්වීමට නියමිතය. සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතිකපත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන පසුගියදා උතුරු පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක කෙරිණි. නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හෙට පැවැත්වෙන්නේ එහි තුන්වන වැඩසටහනයි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වීමට නියමිතය. ඉදිරියේදී අනෙකුත් පළාත් වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories