2026 ජූලි 29 බදාදා, 03:19
නවතම පුවත්

ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගනී

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් මෙරට විශාලතම බහුකාර්ය ජල සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වන මහවැලි සංවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාරයක් ලබා දීමට අනුමැතිය පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මහවැලි ගංගාවෙන් ගලා යන අතිරික්ත ජල ප්‍රමාණය ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශයන් වන උතුරු සහ වයඹ පළාත් වෙත හරවා යැවීම බව ADB සඳහන් කරයි.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම තුළින් උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600 කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රයෝජන ලැබීමට නියමිතය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික අංශයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට දායකත්වයක් ලබා දෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි.

ADB හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂවරයා වන වකෆුමි කඩෝන්නෝ මහතාට අනුව, ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයන් අඩු කර ගැනීමට යම් සාර්ථකත්වයක් ලබා තිබුණද, මෙම තත්ත්වය තවමත් රටේ සංවර්ධන අභියෝගයක් ලෙස පවතී.

ආහාර සුරක්ෂිතතාව සාර්ථක කර ගැනීම සඳහා කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායිතාවක් සහ බෝග විවිධාංගීකරණයක් අත්‍යවශ්‍ය සාධක බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. එසේම, ප්‍රමාණවත් ජල සම්පාදනය සහ ස්වාභාවික විපත්වලට ඔරොත්තු දෙන වාරිමාර්ග පද්ධති පැවතීම ද ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බව ඔහු ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories