2026 ජූලි 29 බදාදා, 08:38
නවතම පුවත්

ආරුගම්බේට බ්‍රිතාන්‍ය නිකුත්කල සංචාරක උපදේශනය ඉවත් කරයි

ආරුගම්බේ ප්‍රදේශයට එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ එක්සත් රාජධානිය විසින් නිකුත්කර තිබූ සංචාරක උපදේශනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඊශ්‍රායලය ද ඔවුන් නිකුත් කර තිබූ සංචාරක උපදේශනයේ තර්ජන මට්ටම අඩු කිරීමට පියවර ගෙන ඇත.

ඊශ්‍රායලය ඔවුන්ගේ අනතුරු ඇඟවීමේ තර්ජන මට්ටම 4 සිට 2 දක්වා අඩු කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු බව මාධ්‍ය වාර්තාවක් පවසයි.

“සංචාරක උපදේශන ප්‍රකාශයට පත් කරන ජාතික ආරක්ෂක කවුන්සිලය, ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ අනතුරු ඇඟවීමේ මට්ටම 4 සිට 2 දක්වා අඩු කරන බව ප්‍රකාශ කළේය. ඒ තර්ජනයක් පෙන්නුම් කරන බවට වන ඉතා විශ්වාසදායක අනතුරු ඇඟවීමේ මට්ටමේ සිට ඉඳහිට තර්ජනයක් පෙන්නුම් කරන බවට වන අනතුරු ඇඟවීමේ මට්ටම දක්වයි,” යනුවෙන් Times of Israel පුවත්පත පවසයි.

පසුගිය සතියේ අගභාගයේදී එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ​​ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් බඳවා ගන්නා ලද ෆර්හාඩ් ෂකේරි නම් ඇෆ්ගනිස්ථාන ජාතිකයකු ඔක්තෝබර් 28 දින FBI නියෝජිතයකුට පවසා ඇත්තේ ආරුගම්බේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව වෙඩි තැබීමක් සැලසුම් කිරීමට ඔහුට සහ ඔහුගේ සහචරයකුට නියෝග කර ඇති බවයි.

අනතුරු ඇඟවීම නිකුත් කර දිනකට පසු ශ්‍රී ලංකා බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකු ෂකේරි විසින් ප්‍රකාශ කරන ලද සහකරු ලෙස හඳුනාගෙන තිබේ.

ප්‍රහාරය සඳහා AK-47 සහ වෙනත් ආයුධ ලබාදීමට එකඟ වී ඇති බව ද ක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ​​ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

එම සහකරුගේ නම හෙළි නොකළ නමුත් ඔහු එක්සත් ජනපදයේ ෂකේරි සමඟ සිරගතව සිටි අයකු බව කියනු ලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories