ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ මිණිබිරියගේ නිවසක තිබූ ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කළ බව කියන මවක් දියණියක සහ පුතෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ සහ වාද්දුව ප්රදේශයේ පදිංචි 53, 23 සහ 21 හැවිරිදි තිදෙනකු බවත් පොලිසිය සඳහන් කරයි. ප්රධාන සැකකාර කාන්තාව පානදුර නිවසේ මෙහෙකාරිය බවත් එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර සිය පුත්රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
නිවෙස් හිමිකරු පිටව යන විට මෙහෙකාරිය , ඇයගේ පුත්රයා සහ දියණිය නිවසේ රැඳී සිටි ඇති අතර නැවත පැමිණ සොයා බලන විට අල්මාරියේ තිබූ රන් භාණ්ඩ සහ මැණික් ගල් නොතිබූ බවත් පැමිණිල්ලේ සටහන් බව පොලිසිය පවසයි.
cctv පරීක්ෂා කිරීමේදී සැකකරුවන් තිදෙනා රන් භාණ්ඩ සහ මැණික් ගල් රැගෙන පලා යන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු වැලිමඩ සහ වස්තුව ප්රදේශයේ සැක වී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.