2026 ජූලි 25 සෙනසුරාදා, 17:11
නවතම පුවත්

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහේස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්, ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති අතර, පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති කිලෝ ග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇත.

පරීක්ෂණ කටයුතු අවසන් වුව ද රඳවා තබාගෙන ඇති මෙම සාම්පල හේතුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත ගබඩා පහසුකම් ලබාදීමට නොහැකි වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකර පරීක්ෂණ අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු මහේස්ත්‍රාත්වරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories