2026 ජූලි 31 සිකුරාදා, 03:58
නවතම පුවත්

හැටන්-මහනුවර මාර්ගයේ ගමන් කිරීමට නුසුදුසු වාහන 44ක් ඉවත් කිරීමට පියවර

ඊයේ (19) හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබේ.

බගතොලුව ප්‍රදේශයේ දී මෙම වාහන පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී වාහන 115ක් හදිසි පරීක්ෂාවට ලක්කර තිබේ.

ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදුකළ මෙම පරීක්ෂාවේදී, අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර ඇත.

එමෙන්ම මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත්, මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන් උපදෙස් ලබා දී තිබේ.

මෙලෙස තාවකාලිකව ධාවනය තහනම් කළ වාහන අතර, ලංගම සහ පෞද්ගලික බස් රථ 15ක් ඇතුළත්ව ඇත.

ධාවනය තාවකාලිකව තහනම් කරන ලද වාහනවල වාර්ෂික ආදායම් බලපත්‍රය මෝටර් රථ පරික්ෂකවරයාගේ භාරයට ගෙන ඇති අතර, එම වාහන අලුත්වැඩියා කර මේ මස 30 වනදා වාහන පරීක්ෂා කළ ස්ථානයටම රැගෙන විත්, යළිත් පරීක්ෂාවට ලක් කල යුතු වේ.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමක් මත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරින් සමග එම දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂක එම්. එස්. එල්. චන්දන බණ්ඩාර මහතා විසින් මෙහි කටයුතු අධීක්ෂණය කර තිබේ.

මෙම අවස්ථාවට ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා ඇතුලු රථවාහන අංශයේ නිලධාරින්ද එක්ව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories