2026 අගෝස්තු 01 සෙනසුරාදා, 20:45
නවතම පුවත්

ක්‍රිකට් ක්‍රීඩකයින්ට බදු පැනවීම සම්බන්ධයෙන් ධර්මසේනගේ අදහස

ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ නීතිවලට අනුකූල විය යුතු බවත්, බදු ගෙවීමට සිදුවුවහොත් එම නීතියට අනුව එසේ කළ යුතු බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන පවසයි.

කුමාර ධර්මසේන, තවදුරටත් අදහස් දක්වමින්,

“මම පෞද්ගලිකව හිතනවා රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට හිස නමන්න ඕන. රටේ ටැක්ස් එකක් ගෙවන්න තියෙනවා නම්…අපි නීතියට එකඟවෙලා නීතිගරුක වෙන්න ඕන.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොතරම් ලැබෙනවාද කියන්න පෞද්ගලිකව මම දන්නේ නෑ. මම ක්‍රිකට් ක්‍රීඩාකරන කාලයේ මට හොඳ වේතනයක් ලැබුණා. දැන් විනිශ්චයකාරවරයෙක් ලෙසත් හොද වේතනයක් ලැබෙනවා. මම හිතනවා ජීවත්වීමට හැකි වේතනයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබා දෙනවා” යැයි පැවසීය.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායකයන් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා බදු ගෙවීම්වලින් ඔවුන් ඉවත්කරන්න යැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

අදාළ පෙත්සමෙන් නායකයන් දෙපළ ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ කරුණු තහවුරුකිරීම සඳහා අද (28) කැඳවීමට නියමිතව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories