2026 ජූලි 31 සිකුරාදා, 10:47
නවතම පුවත්

කොවිඩ් වෛරසයේ මූලාරම්භය වහාම හෙළිකරන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට කියයි

කොවිඩ් වසංගතය වූහාන් නගරයෙන් ආරම්භ වී වසර පහක් ගතවීමෙන් පසු එහි මූලාරම්භය පිළිබඳ දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලා තිබේ.

“මෙය සදාචාරාත්මක සහ විද්‍යාත්මක අත්‍යාවශ්‍යතාවකි” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, එය වැදගත් සංධිස්ථානයක සංවත්සරය ලෙසයි.

“රටවල් අතර විනිවිදභාවය, බෙදාගැනීම සහ සහයෝගීතාව නොමැතිව, අනාගත වසංගත සඳහා ප්‍රමාණවත් ලෙස සූදානම් වීමට ලෝකයට නොහැක,” යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

වෛරසය ස්වභාවිකව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බව බොහෝ විද්‍යාඥයෝ සිතති.

එහෙත් එය වුහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් සැකයන් පවතී.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධනය නිකුත් කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා නැත.

එමෙන්ම චීනය මීට පෙර සිටම කොරෝනා වෛරසය වූහාන් හි රසායනාගාරයකින් කාන්දු වූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී විද්‍යාඥන් කණ්ඩායමක් කියාසිටියේ කොවිඩ් වසංගතය රසායනාගාර කාන්දුවකින් නොව වෙළඳපොළක අලෙවි කරන ආසාදිත සතුන්ගෙන් ආරම්භ වී ඇති අතර එය සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී ඇති බවයි.

2020 ජනවාරි මාසයේදී වුහාන් නගරයෙන් එකතු කරන ලද සාම්පල සිය ගණනක් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔවුහු මෙම නිගමනයට පැමිණියහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories