ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ ඇත
වේගවත් යුද නෞකාවක් (Destroyer වර්ගයට අයත්) වන මෙය දිගින් මීටර් 163කි. එමෙන්ම කාර්යය මණ්ඩලය 410 දෙනෙකුගෙන් සමන්විත වන අතර,
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.
මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමටද නියමිත බවට අරංචි මාර්ග සදහන් කරයි.
ඊට අමතරව බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.