2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:07
නවතම පුවත්

ගෙවල් හදන්න චීනෙත් එක්ක ඩොලර් මිලියන 75ක ගිවිසුමක්

යුවාන් මිලියන 552ක් එනම් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 75ක් වටිනා චීන අරමුදල් සහිත නිවාස වැඩසටහනක් සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය පරිපූරක ගිවිසුමකට අත්සන් තබා තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 1,888ක් සහ ප්‍රවීණ කලාකරුවන් සඳහා වෙන් කෙරෙන නිවාස 108ක් ලබා දීම ව්‍යාපෘතියේ අරමුණය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පැවති මෙම අත්සන් තැබීමේ උත්සවයට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති අනුර කරුණාතිලක, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, නිවාස නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත්, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ටැන්ග් යාන්ඩි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු. එල්.බී.කුමුදුලාල් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් එක්වූහ.

විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සහ කලාකරුවන් ඇතුළු තෝරාගත් ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් රටේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා නොවැම්බර් 4 වැනි දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඇමැති මණ්ඩලය විසින් මෙම පියවර අනුමත කරන ලදී.

පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව සහ මහරගම යන ප්‍රදේශවල සැලසුම් කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ කලාකරුවන් සඳහා වන නිවාස කොට්ටාව ප්‍රදේශයේ ඉදිකරනු ලැබේ.

මෙම පියවර මගින් කලාකරුවන්ගේ සංස්කෘතික දායකත්වය හඳුනාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය දක්වන කැපවීම අවධාරණය කරන බව ඇමැති කරුණාතිලක උත්සවයේදී පැවසීය.

වසර තුනකදී නිම කිරීමේ ඉලක්කයක් ඇතිව මෙම මාසයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් එය අධීක්ෂණය කරනු ඇත.

මොරටුව ප්‍රදේශයේ නිවාස ඒකක 575ක් සහ කොට්ටාව ප්‍රදේශයේ ඒකක 108ක් ඉදිකිරීම සඳහා සීමාසහිත China Railway 25th Bureau Group Company වෙත පවරා තිබේ.

China Harbour Engineering Company Ltd (CHEC) විසින් දෙමටගොඩ ප්‍රදේශයේ නිවාස ඒකක 586ක් සහ මහරගම නිවාස ඒකක 112ක් ඉදිකරනු ලබන අතර Shanxi Construction Investment සමූහ සමාගමට පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීමට පවරා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories