ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් වන රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා ” ඊ” දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ ඊ දුම්වැටි 620ක් පොලීසිය අතට පත්ව ඇත.
වැල්ලවත්ත ප්‍රදේශයේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම්වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසිය ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා මෙම දුම්වැටි තොගය සොයා ගෙන තිබේ.
චොකලට් සහ සුවඳ විලවුන් ආනයනය කරන අතරවාරයේදී හොර රහසේ මෙම ඊ දුම්වැටි ආනයනය කර පුද්ගලයන් වෙත රුපියල් 8000- 10000ත් අතර මිලකට අලෙවි කරන බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.