2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 03:16
නවතම පුවත්

විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩා කර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයන් අද (දෙසැම්බර් 12) එක්විය. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදුන් ආධාර, මෙම ගබඩා පරිශ්‍රය හරහා ආපදාවට ලක්වූවන් වෙත ක්‍රමවත්ව ලබාදීම මේ දිනවල සිදුකෙරේ.

පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සඳහා විදෙස් රටවලින් ලැබෙන ආධාර තොග ඊයේ (දෙසැම්බර් 11) ද මෙරටට ලැබී තිබුණි. පාකිස්තාන රජය මෙරටට ලබාදෙන මෙට්‍රික් ටොන් 13ක් බැරැති ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රැගෙන එනු ලැබූ අතර, ඊට මදුරු දැල් 3000ක්, වායු මෙට්ට 2000ක්, ඇඳ ඇතිරිලි 1000ක් සහ තවත් මෙට්ට 100ක් ද අයත් විය. ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ආධාර තොගය භාරගෙන තිබුණි.

මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ “Rebuilding Sri Lanka” අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ. අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාරදී තිබුණි.

තවද, ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (Remi Lambert) මහතා පැවසීය. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සමඟ ඊයේ පැවති හමුවකදී, දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරලීම සඳහා ක්ෂේත්‍ර රැසකින් සිය සහාය ලබාදීමට සූදානම් බව ප්‍රංශ තානාපතිවරයා සඳහන් කර තිබුණි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories