2026 ජූලි 29 බදාදා, 03:45
නවතම පුවත්

විභාගය ලියන දරුවන්ට බාධා කරන්න එපා – විභාග කොමසාරිස් ජනතාවගෙන් ඉල්ලයි

උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (25) උදෑසන 8.30ට උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී ආරම්භ වූ අතර, ඒ් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්, අමිත් ජයසුන්දර මහතා මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් මෙය නියමයකට වඩා හැඟීමකින් යුතුව ජනතාව සිදුකළ යුතුව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

“මේ දරුවන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳාගන්නට ඒ අයට උදව් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම දරුවෙකුටම මේ විභාගය හොඳ වතාවරණයක් යටතේ විභාගය පැවැත්වීමට. අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට. ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහාය මට අවශ්‍ය කරනවා. ඔබේ සහාය අවස්ථානුකූලව ඒ දරුවන්ට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අයට බාධා සිදුවන ආකාරයේ කිසිදු දෙයක් කරන්න එපා විභාග පැවැත්වෙන අවස්ථාවලදී. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරලා තියෙන්නේ.”

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටීමට නියමිතය.

අද උදෑසන වරුවේ සංයුක්ත ගණිතය හා ආගම් විෂයන් ආශ්‍රිත ශිෂ්ටාචාර විෂයන් පැවැත්වෙන බවත් හවස් වරුවේ ජීව විද්‍යාව හා ආර්ථික විද්‍යාව පළමු පත්‍රය පැවැත්වීමට නියමිත බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දැක්වමින් පවසා සිටියේ, අද උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් පැවති බවය.

ඒ අනුව වහාම නාවික හමුදා හා යුද හමුදාව ක්‍රියාත්මක වී එම සිසුන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 177 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කේෂණික දුරකථන අංකයට කතා කළ හැකි බවත්, ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ 1911 අමතා යම් ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේ අතර විභාගය සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය නම් පාසල් විභාග සංවිධාන ශාඛාවට 0112 785 922 / 0112 784 537 යන අංක ඔස්සේ කතා කළ හැකි බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories