2026 ජූලි 31 සිකුරාදා, 18:09
නවතම පුවත්

කිලිනොච්චියේ ටිපර් රථ හොරකමක්

කිළිනොච්චියේ ධර්මපුරම් උසාවනූර් ප්‍රදේශයේ නිවසකට පිහි හා කිණිසි රැගෙන පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ උදවිය බියකොට රුපියල් ලක්ෂ 90 ක් පමණ වටිනා ටිපර් රථයක් 5 ක් පැහැර ගෙන ගොස් තිබේ.නිවසේ කාන්තාව මරණ බවට තර්ජනය කොට ටිපර් රථයේ යතුර ඔවුන් විසින් ලබා ගෙන ඇති අතර ඒ වන විට ටිපර් රථයේ අයිතිකරු මෙම නිවෙස් හිමියා හා තවත් හතර දෙනෙකුද නිවසේ සිට ඇත.

පැමිණි පිරිස මුහුණු හා හිස් කලු රෙදි වලින් ආවරණය කරගෙන යතුරු පැදි හිස්වැසුම් පැළද සිටි නිසා කවරෙකුවත් හදුණා ගැනීමට නොහැකි වූ බව නිවෙස් හිමියා පොලීසියට පවසා තිබේ.සිද්ධිය වූ අවස්ථාවේදීම නිවෙස් හිමියා ධර්මපුරම් පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ටිපර් රථය සොරකම් කරගෙන ගිය බව දැණුම් දී ඇත.වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ටිපර් රථය ගිය ප්‍රදේශය සොයා වාහනයකින් ඒ පසුපස ලුහුබැද යමින් සිටියදී ඔවුන් ටිපර් රථය හා යතුරු පැදි හතරක් මහ මග දමා පලා ගොස් තිබේ.

ධර්මපුරම් පොලීසිය ටිපර් රථය හා යතුරු පැදි හතර පොලිස් බාරයට ගෙන ඇති අතර එම සොරකම සිදු කිරීමට පැමිණි පිරිස අත් අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කොට තිබේ.මේ අතර නිවෙස් හිමියා පොලිසියට පවසා ඇත්තේ මේ සිද්ධිය නිසා ඔහුට නිවසේ රැදී සිටීමට ආරක්ෂාවක් නොමැති බවයි.මේ තත්ත්වය මත පොලිස් උපදෙස් අනුව ටිපර් රථයේ අයිතිකරු හා නිවසේ උදවිය වෙනත් ආරක්ෂිත ස්ථානයකට තාවකාලිකව ගොස් තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories