2026 ජූලි 29 බදාදා, 13:41
නවතම පුවත්

ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම හෝ අදාළ ආයතන සිදුකළේ නැහැ – පාඨලී

එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (06) දින කඩුවෙල මහා නගර සභාවට අයත් බත්තරමුල්ල ජයන්තිපුර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කරන ලදී.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රණවක මහතා,

“අද ඡන්දය දැම්මා. අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව රටේ සියලු ජනතාවම මේ පළාත් පාලන ඡන්දය පාවිච්චි කරයි කියලා.

ප්‍රශ්නය 01. ප්‍රතිශතය කොහොමද දැන් හිතාගන්න පුළුවන් වෙයිද? කොහොමද?

“සාමාන්යෙන් ඉතින් ප්‍රතිශතය අඩු වෙනවා මේ පළාත් පාලන ඡන්දවල. මොකද දැන් මහ ඡන්ද දෙකක් කඩිනමින් ඉවර වෙච්ච නිසා;

ඇත්තටම මේ මැතිවරණ කොමිසමට කරපු පැමිණිලි පිළිබඳව විශේෂයෙන්ම රජයට එරෙහිව කරපුවා ජනාධිපතිතුමා, අගමැතිතුමිය සහ තවත් අයට එරෙහිව කරපු දේවල් ගැන ඉතා මන්දගාමී ස්වරූපයෙන් තමයි මැතිවරණ කොමිසම කටයුතු කළේ. ඒ ගැන අපේ තදබල විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම අපි කොමිසමට පැමිණිලි කිහිපයක් කරා.
එකක් ජනාධිපතිතුමා මේ සල්ලි දෙන්නෑ කියලා කරපු තර්ජනය. ඒ සම්බන්ධයෙන් ඉතාම දියාරු ලියවිල්ලක් ඉදිරිපත් කළේ.

ඊළඟට අස්වැසුම ලක්ෂ හතරකින් වැඩි කරනවා කියලා දීපු මැතිවරණ අල්ලස. ඒ පිළිබඳව කිසිම ක් රියාමාර්ගයක් ගත්තේ නෑ. ඒක දිගටම ඔවුන් කිව්වා.

ඊළඟට විශේෂයෙන් මේ මහරගම නගර සභාව සම්බන්ධයෙන් ඉතාම බලගතු මැතිවරණ නීති කඩ කිරීමක් කළා. ඒ කියන්නේ මේ මේ සංවර්ධනයන් අපි කරනවා. දැනටමත් මේවට සල්ලි පාස් වෙලා තියෙන්නේ කියලා. පත් රිකා මගින් ප්රචාරණය කළා. ඒකට අපි පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල පොලිසියට යොමු කළා කියලා තියෙනවා. ඉතින් පොලීසිය භාර නියෝජ්ය ඇමතිවරයා තමයි ඒ කටයුත්තේ නියැලිලා තිබුණේ. ඒ කිසිම ක් රියාමාර්ගයක් ගැනුන්නෑ.

ජනාධිපතිවරණයේදී එහෙම අපි දැක්ක ඒ ස්වාධීන මැතිවරණ ක්‍රියාව, නිරීක්ෂණ ක්‍රියාවලිය මැතිවරණ කොමිසම හෝ අදාළ ආයතන සිදුකළේ නැති බව කණගාටුවෙන් කියන්න ඕන.”

ප්‍රශ්නය 02. මේ මැතිවරණයෙන් පස්සේ ඔබතුමාලගේ පක්ෂෙ දේශපාලනය කොහොමද ඉදිරියෙදී?

”මේ මැතිවරණය අපේ කුලුදුල් මැතිවරණය, අපි අපි බලාපොරොත්තු වෙනවා මේ වසරේ කල් දමන ලද පළාත් සභා ඡන්දයත් පවත්වයි කියලා. අපි ඒකට මීට වඩා ශක්තිමත්ව රට පුරා සංවිධානගත වෙලා ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා.”

මෙම අවස්ථාව සඳහා කඩුවෙල මහා නගර සභා අපේක්ෂක කණ්ඩායමේ නායක, හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහෙපතිරණ මහතා ද සහභාගී විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories