ධීවර අමාත්‍යංශය හරහා ධීවර සහනාධාරය ලබාදීමේ මූලික අදියර ආරම්භ කිරීමට උපරිම උත්සාහ කරන බව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි.
ඉන්ධන මිල වැඩිවීම නිසා ධීවර ජනතාව පසුගිය කාලයේ දී විශාල පීඩාවකට ලක්වුණු බවත්, ඩීසල්, භූමිතෙල් මිල අඩු කිරීම නිසා මේ වනවිට ධීවර ජනතාව විශාල සහනයක් ලබා තිබෙන බවයි ඔහු සඳහන් කරයි.
ඊට අමතර වශයෙන් ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා ලියාපදිංචි ධීවරයින්ගේ නාමලේඛන සකස් කරමින් සාධාරණ ක්‍රමවේදයකට ලබා දීමට අවශ්‍ය මුලික වැඩපිළිවෙළ සුදානම් කරමින් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.