2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:59
නවතම පුවත්

නිර්වින්දන වෛද්‍යවරයෙකු රිමාන්ඩ්

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

තීරුබදු බලපත්‍රවලට විදේශවලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.

එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙලෙන බවයි.

ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories