2026 ජූලි 25 සෙනසුරාදා, 22:35
නවතම පුවත්

නඩු ප්‍රමාදය අවම කිරීමට අධිකරණ ශාලාවලට වීඩියෝ තාක්ෂණය

අධිකරණ ශාලා තුළ පවතින නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් අධිකරණ තුළ වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල සවිකිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන යටතේ දිවයිනේ සියලුම මහේස්ත්‍රාත් අධිකරණ සහ තෝරාගත් දිසා අධිකරණ වෙත වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල 100ක් ලබාදීමට නියමිතය.

මෙම තාක්ෂණය මගින් බන්ධනාගාරගත රැඳවූවන්, සාක්ෂිකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් දුරස්ථ ක්‍රමයට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම මගින් අධිකරණ කටයුතු වේගවත් කිරීම අපේක්ෂා කෙරේ.

වීඩියෝ ඇමතුම් සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ කට්ටල අධිකරණ ශාලාවක ස්ථාපනය කළ යුතු ආකාරය පිළිබඳ දළ සටහනක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.

මෙම වැඩසටහනට සමගාමීව, යුනිසෙෆ් ආයතනය විසින් “Support to Justice Sector” ව්‍යාපෘතිය යටතේ සියලුම මහාධිකරණ වෙත (අධිකරණ ශාලා 46ක් ආවරණය වන පරිදි) වීඩියෝ ඇමතුම් තාක්ෂණ කට්ටල ලබාදීමට සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories